EAP එදිරිසිංහ දරුවන් ඇප මත නිදහස්


ඊ.ටී.අයි. සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව් දෙනා වන නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ

දීපා එදිරිසිංහ යන අය ඊ.ටී.අයි.

සමාගමේ මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් අද ප්‍රථමවරට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ
පෙනී සිටින ලදි.
ඊ.ටී.අයි. තැන්පත්කාරියක වන අනූෂා ජයන්ති විසින් එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්ට එරෙහිව මූල්‍ය වංචා චෝදනාවක් යටතේ ගොනු කර ඇති නඩුවකට අදාළව ඔවුන්ව කැඳවා තිබූ අතර මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඔවුන් සිව් දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට තීරණය කළා.නඩුව මාර්තු 5 වන දා යළි කැදවීමට නියමිතයි. 
 ඊ.ටී.අයි. තැන්පත්කරුවන් ගේ බිලියන ගණනක මුදල් අස්ථාන ගත කිරීමෙන් පසු ඊඒපී සමූහ ව්‍යාපාරයම අවුලට පත්වූ අතර ඊටීඅයි සමාගම හැර අනෙක් සියලු වත්කම් පසුගියදා විදේශ සම්බන්ධයක් සහිත ලාංකික සමාගමකට විකුණා දමන ලදි.

Post a Comment

0 Comments